රු. ලක්ෂ 24ක රටකජු ගෙන අඟරු චෙක් දුන් ව්‍යාපාරිකයා සොයයි
වැල්ලවාය, ඌව කුඩාඔය, ගැමුණුපුර ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 24ක් වටිනා රටකජු මිලදීගෙන, ඒ සදහා අගරු චෙක්පත් ලබා දී මුදල් වංචාකල බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගැනිමට විමර්ශණයක් ආරම්භකර ඇතැයි කුඩාඔය පොලිසිය පවසයි.
වැල්ලවාය, කුඩාඔය, ගැමුනුපුර, ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන හතලිස්හත් හැවරිදි කාන්තාවක් ඊයේ ( 04 ) පොලිසියට සිදුකල පැමිනිල්ලකට අනුව,කුඩාඔය පොලිසිය මෙම විමර්ශණය ආරම්භකර ඇත.
මෙම ව්‍යාපාරික කාන්තාවගෙන් රටකජු මිලිදීගෙන මුදල් නොගෙවා පැහැර හරිමින් සිටින ව්‍යාපාරිකයා කෑගල්ලේ රටකජු මුදලාලි ලෙස හදුන්වන ව්‍යාපාරිකයකු බව පොලිසිය පවසයි.
සැකකාර ව්‍යාපාරිකයා හා මෙම පැමිණිලිකාර ව්‍යාපාරිකයා අතර රටකජු ගනුදෙනුව 2024.03.28 ත් - 2025.06.03 අතර කාලයේදි තණමල්විල ප්‍රදේශයේදී සිදුව ඇති බව අනාවරණය වී තිබෙි.
සැකකාර ව්‍යාපාරිකයා, මෙම කුඩාඔය වයාපාරිකාවගෙන් අවස්ථා කිහිපයකදී රටකජු මිලදීගෙන ඒ සදහා චෙක්පත් ලබාදී ඇති අතර, එම කාන්තාව අදාල දිනයේදි එම චෙක්පත් බැංකුගත කිරිමෙිදී ඒවා අගරුචෙක්පත් බව හෙලීවී තිබෙි. පොලිසිය පවසන්නේ පසුව මෙම කාන්තාව අදාල මුදල් ලබාදෙන ලෙස මෙම වයාපාරිකයාගෙන්ඉ ල්ලා ඇතත්, ඔහු එම මුදල් නොගෙවා පැහැරහරින බවට, මෙම කාන්තාව පොලිසියට කර ඇති පැමිනිල්ලේ සදහන් වන බවයි.
සිද්ධියට සමිබන්ධ ව්‍යාපාරිකයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. මොණරාගල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් එන් ගුනවර්ධන මහතාගේ උපදෙස් මත කුඩාඔය පොලිසිය මෙි පිලිබදව වැඩිදුර විමර්ශණ කටයුකු සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

